බප/ගම්/ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Annual Commerce Day -EMPRESSA '24

ව්‍යවසායකත්ව සිසු පොළ

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

1891දි රම විඤ්ර්ථ සමාගමේ  ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් ගම්පහ සෙනරත්ගොඩ ශ්‍රේෂ්ඨ මධ්‍යම බෞද්ධ පිරිමි පාඨශාලාව ආරම්භ විය. එවකට සිටි  ටී.ඩබ්.ජයවර්ධන, එන්.කේ.කොරතේරිස්ල් සිල්වා,එස්.පී.එස් ගුණවර්ධන, දොන් ඊසක ජයවර්ධන,ඩී.සීමන් ප්‍රේමරත්න,ඩී.ඩබ්.ජයවර්ධන හා එච්.කොරනේලිස් අප්පු යන සැදැහැවතුන්  දස දෙනෙකු මෙයට මූලික වී කටයතු කළහ.මෙහි පාලනය සිදුවූයේ සීමා සහිත කොළඹ පරම මේ  විඤ්නාර්ථ  බෞද්ධ සමාගම යටතේය.මෙම බෞද්ධ පිරිමි පාසලේ මුල් ගුරුවරයා ලෙස ඩී.එස්. සුභසිංහ මහතා උරදී කටයුතු කළේය.

මෙම පාඨශාලාව අරඹා වසර අටකින් පසු එනම්  1899 දී පමණ දැනට වර්තමානයේ දී  තිබෙන මැදගම ග්‍රාමයට ගෙනෙන ලදී. මෙම පාඨශාලාවට නව ජීවයක් උදා වූයේ  1906 වර්ෂයේ ප්‍රධානාචාර ධූරය දැරූ එම්.ඞී.එස්.සිල්වා මහතාගේ ආරම්භ වීමත් සමඟය. මෙම කාලයේ ඉදි කළ විද්‍යාලයේ ගොඩනැගිලි දෙක  ඉදිරි ගමනට මහත් අත්වැලක් විය. පසුව මුල් ගුරු පදවියට පැමිණි  එච්.ඒ. ජයසිංහ මයා  තමාගේ ශ්‍රමය හා කාලය මෙම විද්‍යාලයේ දියුණුව වෙනුවෙන්  කැප කළ නිසා පිට පළාත් වලින් පවා දරු දැරියන් වැලනොකැඩි බෞද්ධ පිරිමි පාඨශාලාවට පැමිණියේය.මෙකල දරුවන්ට අඩුපාඩුවක්ව තිබූ  විද්‍යාලීය පුස්තකාලයද ආරම්භ විය.නාට්‍ය හා කලා අංශයද මේ කාලයේ දියුණුවට පත් විය. බී.ඒ. අබේරන්න මහතාගේ කාලයේදී තවත් ගොඩනැගිලි දෙකක් ඉදි වුණි. පසුව පැමිණි එච්.වීරසිංහ මහතාගේ කාලයේ රජයේ වියදමින් තවත් ගොඩනැගිලි දෙකක් ඉදි විය.තව ද පාසලේ තාප්පය ද ඉදි වූයේ මෙතුමාගේ කාලයේ ය.1960 දශකයේ එතෙක් පැවති බොදු පාසල යන නම ඉවත්ව  ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය යන නම ඇති වුණි.