ශ්‍රී සිද්ධාර්ථ කුමර මහා - විදුහල් මෑණී දයා ආ ආ.....
සමරමු සමරමු ගුණ ගී ගයමින් - මහදිත් බැතින් දයා.....//
දස දෙස කිතුගොස නියතින් රන්දන
ගුණ දහමින් නිති සියුමන් බන්ධන
හෙළ විරුවන් බිහි කළ මත නන්දන
විදුහල් මව සනසමු කර වන්දන
ශ්‍රී සිද්ධාර්ථ කුමර මහා........//
අප සිතුවිල අතරින් එන ඕජා
දැය ඔප නැගුමට දිරි දෙන තෙජා
සිහි කර දෙසු දම් සදහම් රාජා
විදුහල නමදිමු කර බැති පූජා
ශ්‍රී සිද්ධාර්ථ කුමර මහා........//





