-
සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියා කල යුතු ය.
-
පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
-
උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
-
විද්‍යාලය අවසන්වන තුරු අවසරයක් නොමැතිව විද්‍යාල භූමියෙන් පිටතට නොයා යුතු අතර නොපැමිණෙන දිනවල ඊට හේතු ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ සදහන් කරවා ගත යුතුයි.දෙමාපියන්ගේ ඉල්ලීමක් නොමැතිව විද්‍යාලය අවසන් වන වේලාවට කලින් විද්‍යාලයෙන් පිටවයාමට ඉඩ දෙනු නොලැබේ.
-
විද්‍යාලයේ විනීත ශිෂ්යෙයෙකු හැටියට හදුනා ගත හැකිවන සේ පිරිසිදු නියමිත නිල ඇදුමෙන් පැමිණිය යුතුයි.
-
විද්‍යාලයේ සියලුම බඩු බාහිරාදිය පරිස්සමෙන් පරිහරණය කල යුතුයි.
-
සිසුන් විසින් කරනු ලබන සියලුම අලාභ හානි ගැන ඔවුන් වගකිව යුතුයි.විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන සෑම කටයුත්තකටම සිසුන්ගේ සහභාගිත්වය අනිවාර්යය.
-
ගුරු දෙගුරුන්ගේ ගෞරවය රකිමින් ඔවුන් දෙන අවවාද උපදෙස් සහ නියමයන් පිළීපදිමින් ඉතා උනන්දුවෙන් ඉගෙනීමේ තටයුතු කල යුතුයි.
-
පැමිණිම දුර්වලවීම,දෙමාපිය භාරකාරදීන් හා ගුරුවරුන්ට අකීකරු වීම,විද්‍යාලය ඇතුළත දී හෝ පිටත දී විද්‍යාලය නිගරු වන අන්දමට හැසිරීම යනාදිය පිළිබදව දැඩිව සලකා බලනු ඇත.
-
පහසුකම් හා සේවා ගාස්තු හැම වාරයකදීම නියමිත දිනට ගෙවිය යුතුයි.
-
වාර්තා පොත දිනපතා පාසලට රැගෙන ආ යුතුයි.
-
පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රැදී නොසිටිය යුතුය.
-
විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
-
පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබිය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත භාරදිය යුතුය.
-
පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.





