විදුහල්පති පණිවිඩය
K.H.A.සරත් වසන්ත මයා
වසර 133 ක පමණ දිගු ඉතිහාසයක් ඇති ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය සියනෑ පුරවරයේ ඇති දීප්තිමත් පාසලකි. විෂය සමාගමි, විෂය බාහිර ක්‍රියාකාරකම් මගින් පූර්ණ පෞරුෂත්වයෙන් යුතු දරුවන් බිහිකිරීම අපගේ බලාපොරොත්තුවයි. අප පාසලේ සිසු දරුවන් ක්‍රීඩා, සෞන්දර්ය ආදී අංශ වලින් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ ද ලබා ඇත. ඒ සඳහා අධ්‍යයන කාර්යමණ්ඩලයෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කළ යුතුය.
විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයන් සිදු කරන මෙම කර්තව්‍යයට සුබ පතන අතර පාසල තුලින් බිහිවන පරපුර අනාගත වැඩ ලෝකය තුළ බැබලේවා යි මාගේ එකම ප්‍රාර්ථනයයි.
K.H.A.සරත් වසන්ත මයා
විදුහල්පති
බප/ගම්/ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය.





